Monday, August 18, 2014

UNDER THE DOME SEASON 2 EPISODE 1

හායි..
කොහොමද යාලුවනේ.. ගොඩ දවසකින් blog එක පැත්තේ ආවේ.
ඔයාලට මතක ඇතිනේ මීට කලින් මං under the dome සීසන් 1 එක ඔයාලට දුන්නා. ඉතිං අද මං සීසන් 2 අරන් ආවා.
එහෙන්ම් බාගෙන බලන්න. 


Baiscopelk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.

හොඳයි එහෙනම්
මේ කතා මාලාවේ පළවෙනි සමය
විකාශය වූවාට පස්සේ අවුරුද්දකට ආසන්න
කාලයක් මෙහි දෙවන සමය එනකල්
නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු
හැමෝම වෙනුවෙන් පුලුවන් ඉක්මනට සබ්
එකත් අරගෙන ආවා. ඉතින්
මේ කතා මාලාවේ පළමු අදියර ගැන
කිව්වොත් එය නිමා වුනේ ඊළඟට
වෙන්නේ මොකක්ද කියන කුතුහලයෙන්
ප්රේක්ෂකයන්ව වියරු වට්ටලා. පළමු
කතා මාලාවේ මුලදි බිග් ජිම්
කියන්නේ තමන්ගේ නගරයට ආදරය කරන,
දක්ෂ මෙන්ම හොඳ නායකයෙක් ලෙස
පෙනී හිටියත් කතාවේ අවසාන කොටස්
වලදී ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිවුනා.

ඔහු තමාගේ බලයට අභියෝග කරන
ඕනෑම අයෙක් කිසිම අනුකම්පාවකින්
තොරව මරා දමන්නත්,
එසේ මිනීමරා තමන් කෙරෙහි නගර
වැසියන් තුල ඇති විශ්වාසය උපයෝගී
කරගෙන ඒවා යටගහන්න දක්ෂ බලයට
කෑදර, කපටි නායකයෙක්. ඒ වගේම ඔහු
ඒ වන විටත් නගර වැසියන් අතර
වේගයෙන් ජනප්රිය වෙමින්
තමන්ගේ ආධිපත්යයට අභියෝග කල හැකි
මට්ටමට පත්වෙමින් සිටි ඩේල්
බාර්බරා නොහොත් බාර්බිව, තමන්
විසින්ම ඝාතනය කරපු මැක්ස් සහ
ඩොබීගේ මරණ වලට හසුකලා. ඉතින්
ගියවර කොටස අවසාන වුනේ මුළු
නගරයේම මිනිස්සු බාර්බි යනු භයානක
අපරාධකරුවෙක් යැයි සිතා ඔහුව
එල්ලා මරා දමන්න සැරසෙන තැනින්.
ඉතින් මෙවර කොටස පටන්
ගන්නේ එතැන් සිටයි. මේ ගැන නම් මම
වැඩිය කියන්න යන්නේ නැහැ. හැබැයි
මේ කොටස බොහෝම අපූරු මෙන්ම
කුතුහලයෙන් පිරුණු කොටසක් වේවී. ඒ
වගේම මේ පාර කොටසෙදි අළුත් චරිත
කිහිපයක්මත් හමුවේවී. ඒ වගේම
ඇතිවෙන්න තව අභිරහස් ටිකකුත් තියේවී.
ඉතින් එහෙනම් බාගෙනම බලන්නකෝ.

130 mb කොපිය මෙතනින්

375 mb කොපිය මෙතනින්

සිංහල උපසිරැසිය මෙතනින්

No comments:

Post a Comment