Tuesday, August 26, 2014

Under the Dome [S02 : E03] | ඇසිඩ් වර්ෂාව… [සිංහල උපසිරැසි සමඟ]

baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.

හොඳයි, මුලින්ම කියන්න
ඕනේ මේ කොටස නම් තරමක් පැටලිලි
සහගත කොටසක් බව. මොකද කිව්වොත්
මේ කොටසට බයිබලයේ එන
එක්තරා කතාවක් අදාළයි. ඒ වගේම
මේ කොටස ගේන්න මෙච්චර පරක්කු
වුනෙත් ඒ කතා වලට අදාළ තොරතුරුත්
හොයන්න වුන නිසයි. ඉතින්
මේ කොටසෙදි ඔයාලට අහන්න
ලැබේවී (Ten plagues) එහෙමත්
නැත්නම් වසංගත දහයක් ගැන.
මේකෙන් විස්තර
වෙන්නේ අතීතයේ ඊජිප්තුව පුරා පැතිරී
ගිය වසංගත දහයක් ගැනයි. බයිබලයේ එන
කතාවේ හැටියට එවක ඊජිප්තුවේ සිටි
පාරාවෝ රජු යටතේ සිටි වහළුන්
මුදාහරින ලෙස දෙවියන් ඔහුට නියෝග
කර තිබෙනවා. නමුත් අධික අහංකාරය
නිසාම පාරාවෝ රජු එය ප්රතික්ෂේප
කර තිබෙනවා. මේ නිසා රජුගේ මානය
බිඳීමේ අරමුණෙන් දෙවියන් විසින්
පිළිවෙලින් වසංගත දහයක් ඊජිප්තු වෙත
එවා තියනවා. මේ වසංගත දහයට, ජලය
රුධිරය බවට හැරීම, ගෙම්බන් අධිකව
බෝවීම, අධික උකුණන් ගහනය,
කැලෑ සතුන්ගේ ආක්රමණය, පශු සම්පත්
විනාශ වී යාම, සමේ රෝග පැතිරීම,
අග්නි කුණාටුව, පළඟැටි ගහණය වැඩිවීම,
අන්ධකාරය පැතිරීම සහ පළමුව ඉපදුන
දරුවන් මියයාම වැනි ව්යසනයක් ඇතුළත්
වෙනවා.
මේ කතාව බලපු කට්ටියට මතක ඇති
දැනටමත් බාධකය ඇතුලේ මෙවැනි
ව්යසන හතරක් සිදුවුන බව. පළමු
කතා සමයෙදි ගින්නක් සහ වසංගතයක්
පැතිරුනා. එමෙන්ම දෙවෙනි සමයෙදි
දළඹු ගහනය වැඩිවීමක් මෙන්ම
ලේ වැස්සක් හටගත්තා. මෙවැනි සිදුවීම්
නිසා චෙස්ටර් මිල් වල සිටින ලයිල් නම්
පුද්ගලයා සිතන්නේ මේ සියල්ල
ඇතිකරන්නේ බාධකය විසින් බවයි. එම
නිසා ඔහු සිතන්නේ බාධකය යනු
එක්තරා ආකාරයක දෙවියෙක් බවයි.
හොඳයි මම හිතනවා මෙම විස්තර
කිරීමෙන් ඔහුගේ අසාමාන්ය හැසිරීම සහ
ඊට හේතුවූ කාරණා ගැන අවබෝධකයක්
ලැබේවී කියලා. එහෙනම් සිව්වන
කොටසෙන් හමුවෙන තුරු හැමෝටම සුභ
සතියක්.

120 mb කොපිය බාගන්න.

සිංහල උපසිරැසිය බාගන්න

No comments:

Post a Comment