Friday, August 29, 2014

ජාතික කොඩියෙන් නිරුවත වසාගත් මල්ලිකා

වැඩේ දුරදිග ගිහින්
කාලෙන් කාලෙට ආන්දෝලනාත්මක
පුවත් මවන සරාගී ඉන්දීය නිළි
මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික
කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත
රෙද්දකින් නිරුවත වසාගෙන සිටින
පෝස්ටරයක් නිසා ඇයටත්, චිත්රපටයටත්,
එහි අධ්යක්ෂක වරයාටත් පසුගිය කාලය
පුරාවටම දැඩි විරෝධයක් එල්ලවූවා.
එය දුරදිග ගොස්
අවසානයේ මල්ලිකා ෂෙරාවත්ට
උසාවියට යාමට නොතීසිද නිකුත්කර
තිබෙන්නේ හයිදරාබාද් මහාධිකරණය
විසිනි. කේ.සී. බොකඩියාගේ ‘Dirty
Politics’ නැමති චිත්රපටයේ පෝස්ටරය
නිසා මෙම විරෝධය ඇතිවුනා.
මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික
කොඩියට සමාන රෙද්දකින් නිරුවත
වසාගනිමින් ආරක්ෂක රථයක වහලය මත
නැග සිටින ආකාරය මෙම
පෝස්ටරයේ දැක්වෙනවා. නමුත්
මෙහි අධ්යක්ෂවරයා සදහන් කර
ඇත්තේ මෙම පෝස්ටරය මගින් කිසිදු
ආකාරයකින් රටේ ගෞරවයට හානියක්
නොවන බවයි.
ස්ත්රී දුෂණ සහ කාන්තා අයිතිවාසිකම්
වෙනුවෙන් පෙනී සිටි
ක්රියාකාරිණියක වන බාන්වරි දේවී
ගේ ජීවිතය අලළා මෙම චිත්රපටය
නිපදවා ඇති බව ඔහු සදහන් කරනවා.
ඉන්දීය ජාතික ධජය සම්භන්ධයෙන්
මෙවැනි ගැටළු ඇතිවූ පළමු අවස්ථාව
මෙය නොවෙයි. 2000 වසරේදී
ඉන්දියානු ජාතික මෝස්තර නිර්මාණ
ශිල්පිනී මාලනි රමණි නිර්මාණය කල
ඇදුමක් ඉමහත් ආන්දෝලනයට ලක්වූනා.
ඉන්දියානු ධජයේ වර්ණ වලින් නිමවූ එහි
මැදට වන්නට නිල් පැහැයෙන්
ඉන්දියානු රෝදයක
ආකාරයේ නිර්මාණයක්ද කර
තිබුනේ ඉන්දියානු ධජයට සමානවයි.
තවද මීට වසර කිහිපයකට පෙර නිළියක
මෙන්ම නිවේදිකාවක වන
මන්දිරා බේඩි හටද මෙවන්
චෝදනාවක් එල්ලවූවා. ඒ ඇය ඉන්දීය
ධජයද ඇතුළුව රටවල් කිහිපයක ධජ ඇතුලත්
කර නිර්මාණය කර තිබූ සාරියක්
ප්රසිද්ධියේ ඇද සිටීම හේතුවෙන්.
මන්දිරා එම සාරිය හැද සිටියේ එම
වසරේ පැවති ක්රිකට් තරඟාවලියක යම්
නිවේදන කටයුත්තක් කිරීම සදහායි. ඇය
හැද සිටි සාරියට ඇතුලත් වූයේ එම
තරඟාවලියට සහභාගිවූ රටවල්
සියල්ලේ ජාතික ධජයි.
සුපිරි ඉන්දීය ටෙනිස්
කී්රඩිකා සානියා මිර්සා හටද මෙවන්
චෝදනාවක් එල්ල වූවත් එය වෙනස්
ස්වරූපයක් ගනු ලැබූවා. ඇය ඉන්දීය
කොඩිය සහිත කිසිදු ඇදුමක් හැද
නොසිටියත් ඇයගේ පය ඉන්දීය කොඩියට
අපහාස කල බවයි චොදනාව වූයේ.
එනම්, ඇය විවේකීව දෙපා උස් තැනක
තබාගෙන සිටින අවස්ථාවක ඇයට
ඉදිරියෙන් ඇති ඉන්දීය කොඩියක් තිබෙන
අවස්ථාවක ගත් ඡායාරූපයක් නිසයි ඇයට
මෙම චෝදනාව එල්ල වූයේ.
ජාතික මෙන්ම ජාත්යාන්තර
මට්ටමේ ටෙනිස් කී්රඩිකාවක් වන
මිර්සාට මීට වඩා වැඩි ගෞරවයක්
තමන්ගේ රටේ ජාතික කොඩිය පිළිබදව
තිබිය යුතු යැයි විවිධ පාර්ශව ඇයට දැඩිව
චෝදනා කලා.

No comments:

Post a Comment