Thursday, July 3, 2014

Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How to charge phone battery correctly)

Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How to charge phone battery correctly)


කොහොමද යාළුවනේ.. internet එකේ ඔහේ කැරකි කැරකි ඉන්නකොට ගොඩක් වටින පෝස්ටුවක් හම්බුනා. මේ දවස්වල අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ smart phones නේ. ඕක හැමතිස්සෙම ඉක්මනට බහින එක මාර වදයක්නෙ.
එ හින්ද කොහොමද මේ battery එක හරියට පාවිච්චි කරන්නේ කියල අද බලාගන්න...

තවත් දෙයක්. මං මේක උපුටා ගත්තේ සයිබර් අවකාශය බ්ලොග් එකෙන්. මේ වගේ වටින ලිපියක් ලිව්වට ඒ බ්ලොග් එක කරන ඇඩ්මින්ලාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන.

එහෙනං කට්ට්ය පෝස්ට් එක බලන්නකෝ...

 

 



Normally Smartphone වල, Normal phone වල දකින්න පුළුවන් ලොකුම අඩුපාඩුව විදියට Phone එකේ Battery එක ඉක්මනට dead වීම කියන්න පුළුවන්.

ඒකට ලොකුම හේතුව විදියට මම දකින්නේ Phone එක Charge කිරීමේදී නිවැරදි පියවරක් අනුගමනය නොකිරීමයි.


Battery එක charge කරනකොට Full charge කරන්න එපා.


මොකක්? ? ?

මේක තමයි ගොඩක් අය කරන එක වැරැද්දක්. ඉස්සර ගොඩක්ම භාවිතා කළේ Ni based battery නිසා ඒක අවුලක් වුනේ නෑ. නමුත් දැන් 90% කටත් වැඩිපුර තියෙන්නේ “Li” based battery නිසා ඒවා Full charge කරන්නේ නැතුව තියනවනම් හොදයි. ඒක නිසා Battery life එක අඩුවෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියනවා.

(ගොඩක් නිෂ්පාදක අය තමන්ගේ Brand එක වර්ධනය කරගන්න 95% ට  පසුවත් Charge වීමක් පෙන්නනවා. නමුත් එසේ කිරීමේදී බැටරි ආයුකාලය අඩුවේ.)

Battery එක 10% ට අඩුවෙන් use කරන්නත් එපා.


මේක තමයි ඔයාලා වැඩිපුරම සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේ. 10% ක් කිව්වට 15% ක් වගේ වුනාට පස්සේ Battery එක use නොකර Phone එක Off කරලා තියන්න පුලුවන්නම් හොදයි.

සැලකිය යුතුයි:
දැනට 90% ක ගේම Battery එක හානි වීමට බලපා ඇති හේතුව මෙය වේ.

Charge කරනකොට Phone එක Off කරලා Charge කරන්න.


ඒකනම් එපා වෙනවා.

ඒකට ලොකුම හේතුව එකවර Charge වීම හා Discharge වීම යන දෙකම සිදුවීම නිසා Battery එකට හානි සිදුවීමයි.

මේකට හොද විසදුමක් විදියට තව Battery එකක් අරගෙන external charger එකක් use කරන්න පුළුවන්.

එහෙම කරන්නම දෙයක් නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. Task Manager වලින් දැනට open වෙලා තියන හැම Apps එකක්ම close කරන්න. ඊට පස්සේ Charge කරන්න. ඒ අතරතුර call ගන්න, message යවන්න වගේ කිසිම දෙයකට phone 1 use කරන්න එපා.

Overcharge කිරීමෙන් Battery එකට හානි සිදුවේ.


ගොඩක් අය රෑට phone එක charge එකට ගහලා නිදාගෙන උදේට තමයි unplug කරන්නේ. මේකෙදි Charger එක තුල ක්‍රියාත්මක වෙන Intergrated Circuity (IC) නමැති ගුණාංගය නිසා 100% charge වූ විට Charger එක මගින් charge වීම Automatically off වේ.

කොහොමද ඔයාගේ Charger එකේ IC function එක තියනවද කියලා බලාගන්නේ?

මේකට මුලින්ම Phone එක 100% charge කරලා පැය ½ ක් විතර තියෙන්න දෙන්න. දැන් අයෙත් පැයක් විතර  charge කරන්න. පැයකට පස්සේ charger එක අරගෙන බලන්න රත්වෙලා තියනවද කියලා. එහෙමනම් ඒ charger එකේ IC function එක නෑ. රත්වෙලා නැත්නම් හොදයි.

ගොඩක් සිතල වගේම ගොඩක් රස්නයක් ඇති තැනක Phone එක තියන්න එපා.

අලුත්ම Phone battery එකක් charge කලයුතු ආකාරය


Phone එක Off කරන්න.
පැය 3 ක් Charge එකට ගහන්න. (Full charge වුනාට කමක් නෑ)
Charger එක ගලවලා පැය 6 ක් තියන්න. (phone 1 on කරන්න එපා)
දැන් ආයෙත් පැය 3 ක් charge කරන්න.
දැන් phone 1 on කරලා use කරන්න.
5% විතර වෙනකම් Discharge කරන්න.
95% වෙනකම් charge කරන්න.
5% විතර වෙනකම් Discharge කරන්න.
95% වෙනකම් charge කරන්න.
ලිපියේ අඩුපාඩු තියනවනම් කියන්න. (උපුටා ගැනීම Battery University website එකෙන්)

මේ ලිපියේ Pdf එකක් ඔයාට මෙතනින් Download කරන්න පුලුවන්. (1 MB)
 
 
http://adbla.us/FdOvO
 


1 comment:

  1. එව්වා මෙව්වා: Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How To Charge Phone Battery Correctly) >>>>> Download Now

    >>>>> Download Full

    එව්වා මෙව්වා: Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How To Charge Phone Battery Correctly) >>>>> Download LINK

    >>>>> Download Now

    එව්වා මෙව්වා: Phone Battery Charge කලයුතු නිවැරදි ක්‍රමය. (How To Charge Phone Battery Correctly) >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete