Tuesday, August 26, 2014

Under the Dome [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 :
E04] | හෙළිදරව්ව…
[සිංහල උපසිරැසි සමඟ]

Baiscopelk අඩවියෙන් උපුටාගන්නා ලද්දකි.

හොඳයි, ඔන්න එහෙනම් හතරවෙනි
කොටසත් අරගෙන එන්නයි මේ සූදානම.
ඉතින් සුපුරුදු විදිහට ගිය සතියේ කොටස
ගැනත් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ගිය
සතියේ කොටසෙදි කතාවට තවත් අළුත්
චරිත දෙකක් එකතුවුනා. ඒ තමයි පෝලීන්
නොහොත් ජූනියර්ගේ මව සහ ඇය
කුඩා කාලයේ ඇගේ පෙම්වතා වුන
ලයිල් චෙම්ලි. පෝලීන් ගැන නම් ගියවර
කොටසෙන් එතරම දෙයක්
පෙන්වූයේ නැහැ. නමුත් ලයිල් නම්
ආගමික විශ්වාසයන් ඕනේවට
වඩා කරපින්නගෙන ඉන්නා අමුතුම විදිහක
චරිතයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම
ගියවර කොටසේ කතාවෙන් ලයිල් යනු
පෝලීන්ගේ විශ්වාසය දිනාගෙන සිටි
පෙන්නනවට වඩා යමක් දන්න පුද්ගලයෙක්
බව ඉගිකලා. ඔය අතරෙම බාධකය තුල
තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් සිදුවුනා.
පළමුවෙන්ම ඇසිඩ් මිශ්රිත රතු වැස්සක්
වැස්ස අතර දෙවනුව ප්රථම වරට බාධකය
හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න
පටන් ගත්තා. ඒ වගේම මුල් කොටස් වල
සිටි නමක් ගමක් නොදත් අභිරහස් කෙල්ල
ගැනත් ගියවර කොටස
අවසානයේ හෝඩුවාවක් ලැබුනා.
මේ සියළුම දේවල්
අතරේ රෙබෙකා සහ ජිම් යන
දෙදෙනා ළඟ ළඟම එන ආහාර අර්බුදයට
මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඒ
වගේම රෙබෙකා සතුව ඊට මුහුණ
දෙන්න තියන සැලැස්ම දැනගන්න
ජූලියා එයට දැඩිව විරුද්ධ වෙන නමුත්
බාර්බි නම් එයට එකඟ
වෙන්නේ හෝ විරුද්ධ
වෙන්නේ නැහැ. ඉතින්
අවසානයේ මේ දෙදෙනා අතරද
ගැටුමක් හටගන්නවා.
හොඳයි එහෙනම් මෙවර කොටස
පැත්තට හැරෙමු. සෑම් සහ
ජූලියා එකතුවෙලා කල ඇන්ජිගේ මරණ
පරීක්ෂණය අවසානයේ ඔවුන්ට
හෝඩුවාවන් කිහිපයක් ලැබුනා කට්ටියටම
මතක ඇතිනේ.
ඇන්ජිගේ මිනීමරුවා ලොකු අතක් ඇති
පිරිමියෙක් බව ඉන් හෙලිවුන අතර ඇන්ජි
මියයාමට පෙර ඔහුව සූරා තුවාල කර
ඇතිබව මෙන්ම ඇන්ජිගේ නියපොතු අතර
තිබී මිනීමරුවාගේ සම් කොටස් වගයක්
ලබාගන්නත් ඔවුන් සමත් වුනා. ඔන්න
එහෙනම් මෙවර කොටසෙදි ඔහු ගැන
යම් හෝඩුවාක් ලැබෙනවා. ඒ විතරක්
නෙමෙයි මෙලනි නොහොත් අභිරහස්
ගැහැණු ළමයා, පෝලීන්, ලයිල්, සෑම්
වැනි පුද්ගලයන්ගේ තොරතුරු රාශියක්ද
මේ කොටසෙන් එළිවෙන අතරේම තවත්
අභිරහස් ටිකකුත් අළුතින් එකතුවෙනවා.
ඉතින් ඒ මොනවද කියලා දැනගන්න නම්
මේක බාගෙන බලන්න. එහෙනම් මීළඟ
කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ
සතියක්

120 mb  කොපිය බාගන්න.

සිංහල උපසිරැසිය බාගන්න.

No comments:

Post a Comment