Wednesday, June 25, 2014

THE TOMMORROW PEOPLE

කොහොමද කස්ටියට? ඔන්න අදත් ටී.වී. සීරීස්  එකක් අරන් මං ආවා. මේකත් අපේ යාළුවො අතරේ ගොඩක් ජනප්‍රිය උන කතා මාලාවක්. මේකේ සීසන් 1 එකනම් ඉවර උනා. ඒත් ලගදීම සිසන් 2 එකත් එනවා කියලා තමා ආරංචි..........
                           එහෙනම් අපි කතාව දිහාට හැරෙමු. මං විස්තරේ ගත්තේ baisope එකෙන්.

""
මම නමින් ස්ටීවන් ජෙමිසන්. තාම පාසල් ශිෂ්‍යයෙක්. එත් මෑතක ඉඳන් මට අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරන්. හිතා ගන්න බැහැ. යාලුවෝ හිතන්නේ මට පිස්සු කියලා මගේ හොඳම යාළුවා ඇස්ට්‍රිඩ් හිතන්නෙත් එහෙමයි. කවුරු හරි මට දුරක ඉඳන් කතා කරනවා ඇහෙනවා. ඒ දේවල් මට ඔලුව ඇතුලෙන් නිතර නිතර ඇහෙනවා. එත් මම දන්නවා මට එහෙම දෙයක් නැහැ කියලා. එත් හැමෝගෙම පෙරැත්ත නිසා මම මානසික රෝගියෙක් වෙලා ඒ බෙහෙත් බොන්න පුරුදු උනා.         





 එත් මට මේ වෙන අමුතු දේවල් වල නම් අඩුවක් නැහැ. රෑට මගේ ගෙදර මගේ ඇඳ උඩ නිදාගන්න මට උදේ ඇහැරෙන්නේ අල්ලපු ගෙදර ඇඳකින්. කාමරයට ඇතුල් වෙලා ඉද්දි කොහොමද ඒ කාමරේ පිටින් අගුළු වැටෙන්නේ. මේ දේවල් වෙනවා මමවත් දන්නේ නැහැ. ඒ උනාට මේ දේවල් නතර වෙන්නෙත් නැහැ. මම තීරණය කලා මගේ ඔලුව ඇතුලේ මට කතා කරන ඒ හඬට ඇහුම් කන් දෙන්න…මේ තමයි හෙට දිනයේ මිනිස්සු එහෙමත් නැතිනම් The Tomorrow People. CW නාලිකාව ඊයේ දිනයේ සිට ආරම්භ කල නවතම රූපවාහිනී කතා මාලාවේ ආරම්භය සඳහා දෙන මුල්ම ඉඟිය. මම මේ කිව්වේ එහි ප්‍රධාන චරිතය ගැන. නාලිකාව ගැන නම් කියන්න දෙයක් නැහැනේ Arrow, The Originals, The Vampire Diaries සහ Supernatural මෙයාලගේ නාලිකාව තුලින් ප්‍රචාරය වෙන්නේ.
කතාව සහ එහි පසුබිම් වාර්තාව දෙනවා නම් සම්පූර්ණ කතාවට දැනට Imdb ලකුණු 7.6 ක් ලැබෙන අතර තුරේ ඊයේ විකාශිත කොටසට ලකුණු 8.1ක් ලැබී තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණ දායකත්වය Phil Klemmer නැමති මහත්මයාගෙන්. ඔහු තමයි Chu
ck නමැති රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්Robbie Amell මොහු නවකයෙක් නමුත් ක්‍ෂේත්‍රයට නදාකම් කියන කෙනෙක්. මෙයා Arrow කතා මාලාවේ ප්‍රධාන රංගනයෙන් දායක වන Stephen Amellගේ ඥාති සහෝදරයෙක්. පෙනුමත් බොහෝ දුරට සමානයි. ඉතින් මේ කතාව අයිති වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ (Si-Fi) ගණයට ඒ වගේම ක්‍රියාදාම වලින් එහෙමත් අඩුවක් නැහැ.
මම කලින් කිව්වේ මෙහි ප්‍රධාන චරිතය ස්ටීවන් ගැන. ඔහු මේ අත්දකින අමුතු හැඟීම් ඔහුට ඔහුගේ පියාගෙන් දායාද වූ දේවල් ඒ අමුතු බලයක්. ඔහුගේ පියාට විශේෂිත බලයක් සහිත ජානයක් සතු වෙනවා. ඒ ජානය තමයි මේ ස්ටීවන්ට දායාද වෙලා තියෙන්නේ.එහෙත් ඔහුට මේ දේවල් අමුතුයි. ඒවාට ආධුනිකයෙක් ඒ ගැන කිසිම අදහසක් නැහැ. මොකද සාමාන්‍ය වැසියෙක් වගේ ජිවත් වෙලා අමුතු දේවල් සිද්ධ වෙන කොට. මේ නිසා ඔහු තීරණය කරනවා ඔහුට කතා කරන මේ අද්භූත හඬට අවනත වෙන්න. එහෙනම් බලමු නේද මොකද්ද මේ හඬ කියලා. ඒ වගේම බලමු මොකද්ද මේ අමුතු ජානය එකෙන් කරන්න පුළුවන් දේ මොකද්ද එහි ඇති ශක්තිය මොකද්ද. එතකොට ඇයි මේ අල්ලපු ගෙදර ඇඳෙන් උදේට නැගිටින්නේ කියලාත්????? ""

පහලින් ටී.වී. සීරිස් එක බාගන්න.






DOWNLOAD THE TOMMORROW PEOPLE SEASON 1 COMPLETE 
           

No comments:

Post a Comment