Sunday, June 22, 2014

THE ARROW

එහෙනම් කස්ටියටම සුබ දවසක්. මගේ එව්වාමෙව්වා බොගෙන් කට්ටියටම මුලින්ම t.v.  series එකක් දෙන්න කියල හිටුවා. කස්ටිය දැනටම නම දකින්න ඇතිනේ. ඔව් ඇරෝ තමා. ඇරෝ කිව්වම කවුද දන්නත්තේ. ඉතින්  දැන් ඇරෝ හිරු ටී.වී. එකේ යනවා. එත් ඉතින් ඕක සතියකට සැරයක් බලන එක මාර වදයක්නෙ.
 ඒ හින්ද ඇරෝ සීසන් 1 එකයි සීසන් 2 එකයි complete බාගන්න දෙනවා අද ඔයාලට.



ඇරෝ ගැන දන්නැති අයට පොඩි විස්තරයක් දෙන්නම්. විස්තරේ මන් උපුටා ගත්තේ baiscope එකෙන්. එකත් කියන්ඩ එපැයි.එහෙනම් මෙන්න විස්තරේ.

ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ආසා කරන ඒ  වගේම ගොඩක් දෙනෙක් ඉල්ලපු ලස්සන Tv Series එකක් පුදුමයකුත් එක්කයි   මම අද අරගෙන ආවේ. පුදුමය තමයි මම ඔයාලට මේ Tv Series එකේ පළවෙනි සීසන් එකේ කොටස් ඔක්කොම එකවර දෙනවා. ඉතින් ත්‍රාස්‍ය, භිතිය, කුතුහලය පිරුණු Arrow Tv Series එකයි මේ. (සිංහල උපසිරැසි බාර අරගෙන ටිකක් වැඩිපුර කල් ගියාට වාසල ස‍හෝදරයා තරහා වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා :)
දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක  2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා.  ඒ වගේම Stephen Amell (ඔලිවර්) ,  Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා.
කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.
ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.
ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .

එහෙනම් සීසන් 1 එක complete බාගන්න. 
DOWNLOAD ARROW SEASON 1 COMPLETE  

ආ කියන්න අමටක උනා sinhala sub එකත් එක්ක ඇ.

එහෙනම් අදට මන් ගියා. ඇරෝ සීසන් 2 එක්ක අයෙත් හම්බෙමු. 
ප්‍රශ්නයක් තියනවනම් කොමෙන්ටුවකුත් දාන්ඩ. :) 
     
         

No comments:

Post a Comment