Friday, August 29, 2014

ජාතික කොඩියෙන් නිරුවත වසාගත් මල්ලිකා

වැඩේ දුරදිග ගිහින්
කාලෙන් කාලෙට ආන්දෝලනාත්මක
පුවත් මවන සරාගී ඉන්දීය නිළි
මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික
කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත
රෙද්දකින් නිරුවත වසාගෙන සිටින
පෝස්ටරයක් නිසා ඇයටත්, චිත්රපටයටත්,
එහි අධ්යක්ෂක වරයාටත් පසුගිය කාලය
පුරාවටම දැඩි විරෝධයක් එල්ලවූවා.
එය දුරදිග ගොස්
අවසානයේ මල්ලිකා ෂෙරාවත්ට
උසාවියට යාමට නොතීසිද නිකුත්කර
තිබෙන්නේ හයිදරාබාද් මහාධිකරණය
විසිනි. කේ.සී. බොකඩියාගේ ‘Dirty
Politics’ නැමති චිත්රපටයේ පෝස්ටරය
නිසා මෙම විරෝධය ඇතිවුනා.
මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික
කොඩියට සමාන රෙද්දකින් නිරුවත
වසාගනිමින් ආරක්ෂක රථයක වහලය මත
නැග සිටින ආකාරය මෙම
පෝස්ටරයේ දැක්වෙනවා. නමුත්
මෙහි අධ්යක්ෂවරයා සදහන් කර
ඇත්තේ මෙම පෝස්ටරය මගින් කිසිදු
ආකාරයකින් රටේ ගෞරවයට හානියක්
නොවන බවයි.
ස්ත්රී දුෂණ සහ කාන්තා අයිතිවාසිකම්
වෙනුවෙන් පෙනී සිටි
ක්රියාකාරිණියක වන බාන්වරි දේවී
ගේ ජීවිතය අලළා මෙම චිත්රපටය
නිපදවා ඇති බව ඔහු සදහන් කරනවා.
ඉන්දීය ජාතික ධජය සම්භන්ධයෙන්
මෙවැනි ගැටළු ඇතිවූ පළමු අවස්ථාව
මෙය නොවෙයි. 2000 වසරේදී
ඉන්දියානු ජාතික මෝස්තර නිර්මාණ
ශිල්පිනී මාලනි රමණි නිර්මාණය කල
ඇදුමක් ඉමහත් ආන්දෝලනයට ලක්වූනා.
ඉන්දියානු ධජයේ වර්ණ වලින් නිමවූ එහි
මැදට වන්නට නිල් පැහැයෙන්
ඉන්දියානු රෝදයක
ආකාරයේ නිර්මාණයක්ද කර
තිබුනේ ඉන්දියානු ධජයට සමානවයි.
තවද මීට වසර කිහිපයකට පෙර නිළියක
මෙන්ම නිවේදිකාවක වන
මන්දිරා බේඩි හටද මෙවන්
චෝදනාවක් එල්ලවූවා. ඒ ඇය ඉන්දීය
ධජයද ඇතුළුව රටවල් කිහිපයක ධජ ඇතුලත්
කර නිර්මාණය කර තිබූ සාරියක්
ප්රසිද්ධියේ ඇද සිටීම හේතුවෙන්.
මන්දිරා එම සාරිය හැද සිටියේ එම
වසරේ පැවති ක්රිකට් තරඟාවලියක යම්
නිවේදන කටයුත්තක් කිරීම සදහායි. ඇය
හැද සිටි සාරියට ඇතුලත් වූයේ එම
තරඟාවලියට සහභාගිවූ රටවල්
සියල්ලේ ජාතික ධජයි.
සුපිරි ඉන්දීය ටෙනිස්
කී්රඩිකා සානියා මිර්සා හටද මෙවන්
චෝදනාවක් එල්ල වූවත් එය වෙනස්
ස්වරූපයක් ගනු ලැබූවා. ඇය ඉන්දීය
කොඩිය සහිත කිසිදු ඇදුමක් හැද
නොසිටියත් ඇයගේ පය ඉන්දීය කොඩියට
අපහාස කල බවයි චොදනාව වූයේ.
එනම්, ඇය විවේකීව දෙපා උස් තැනක
තබාගෙන සිටින අවස්ථාවක ඇයට
ඉදිරියෙන් ඇති ඉන්දීය කොඩියක් තිබෙන
අවස්ථාවක ගත් ඡායාරූපයක් නිසයි ඇයට
මෙම චෝදනාව එල්ල වූයේ.
ජාතික මෙන්ම ජාත්යාන්තර
මට්ටමේ ටෙනිස් කී්රඩිකාවක් වන
මිර්සාට මීට වඩා වැඩි ගෞරවයක්
තමන්ගේ රටේ ජාතික කොඩිය පිළිබදව
තිබිය යුතු යැයි විවිධ පාර්ශව ඇයට දැඩිව
චෝදනා කලා.

ලිංගික අවශ්යතා සපුරා ගැනීමට බෝනික්කෝ කසාද බඳින මිනිසුන්

තම ලිංගික සහකාරිය හෝ සහ
කරුවා ලෙස මෙන්ම තමන්ගේ දුකට
සැපට එකට විසීමට සැබෑ කාන්තාවක
සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින්
තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම
සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන්
පිළිබඳව ලොව විවිධ රටවල් වලින් අප
වෙත වාර්තා වෙනවා.
මේ පිළිබඳව සොයා බලපු අපිට දැන
ගන්නට ලැබුණේ මෙම බෝනික්ක
න්ගේ ඉතිහාසය හිට්ලර්ගේ යුධ සාමය
දක්වා දිවෙන අතර එකල
හමුදාවේ පැතිරෙමින් තිබූ ලිංගික
රෝග වලින් වැලැක් වීම
උදෙසා මෙවන් බෝනික්කන් හමුදාවට
ලබා දී තිබු අතර එම බෝනික්කන්
නිෂ්පාදනය කිරීම සඳහා වෙනම
කර්මාන්තශාලවක්ද පවත්වාගෙන
ගොස් තිබුණු බවයි.
කායික
අවශ්යතා සපුරා ගැනීමේ උදෙසා
මෙවන් ලිංගික බෝනික්කන්
භාවිතා කිරීම වර්තමානයේ ප්රචලිත
වුවත් එයට එහා ගිය සංවේදී
සම්බන්ධතා පවත්වන මිනිසුන්ද වේ.
ඔවුන් මෙම බෝනික්කන් ඔවුන් යන යන
තැන රැගෙන යන අතර ඔවුන්ව පිරිසිදු
කිරීම, ඇඳුම් ඇන්දවීමද මොවුන් විසින් සිදු
කරනු ලබයි. ඇතැම් පුද්ගලයන් එක්
බෝනික්කගෙන් සෑහීමට පත් නොවී
බෝනික්කන් කිහිපදෙනෙකු නඩත්තු
කරනු ලැබේ.
මෙම බෝනික්කන් සහකාරියන් ලෙස
තබාගන්නා සමාජය තුල බෝනික්කන්
කිහිප දෙනෙකු තබාගෙන සිටින
පුද්ගලයන්ට ඇත්තේ ඉහල පිළිගැනීමකි.
ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ
Abyss Creations ආයතනය විසින්
නිෂ්පාදනය කරනු ලබන සිලිකන්
බෝනික්කන් ඉතා ජනප්රිය අතර මෙම
බෝනික්කෙකුගේ මිල සාමාන්යයෙන්
පවුම් 3000 ක් පමණ වේ.
මෙම බෝනික්කන් සමග අමතර උපාංග
කට්ටලයක්ද හිමිවන අතර එම උපාංග
අතර නිදාගන්නා ආකාරයේ දෑස්
පියා සිටින බෝනිකි මුහුණක්, විවිධ
කොන්ඩ වර්ගද වේ.
වර්තමානයේ නිෂ්පාදනය කරනු ලබන
බෝනික්කන් සමග නව තාක්ෂණයද
මුසුකොට ඇති අතර එහි ප්රතිපලයක්
ලෙස ශරීර උෂ්ණත්වයෙන් යුතු
බෝනික්කන්, සිරුරේ කම්පනයන් ඇති කල
හැකි බෝනික්කන් බිහිවී තිබෙනවා.

ලොව ප්රථම වතාවට පිරිමින්ටත් තනපටයක් :-o :-o :-D :-D

ලොව ප්රථම වතාවට පිරිමින්ට වෙන්වූ
තනපටයක් ජපාන යෙන් හඳුන්වා දී
තිබෙනවා. මෙම පිරිමි තනපට
නිෂ්පාදනය කොට අලෙවි කරනු
ලබන්නේ Kaku Nishioka නම් ජපන්
වැසියෙකු විසිනුයි.
ජපානයේ අලෙවි වන මෙම පිරිමි
තනපටය නම්කොට ඇත්තේ Floral
Goodnight Bra යනුවෙනුයි. මෙම
තනපටය පැළඳිය යුතු
වන්නේ රාත්රීයේ නින්දට යන
මොහාතේ බවත් එය පැළඳ
නිදාගැනීමෙන් ශරීරයේ හැඩය
පවත්වා ගැනීම සඳහා බොහෝ වාසි
අත්වන බව එහි නිෂ්පාදක Kaku
Nishioka විසින් මාධ්යය වෙත
අදහස්පලකොට තිබෙනවා.
වැඩිදුරටත් අදහස් පලකරන ඔහු
මේ සම්බන්ධව
කියා තිබුනේ මෙවැන්නක්.
"ගොඩක් පිරිමි අය තාම මේක ගැන
දන්නේ නැහැ. පිරිමියෙකුගේ උදරය
හා පපුව නෙරා ඇත්නම්
ශරීරයේ හැඩය
පවත්වා ගැනීමේ ගැටළු ඔවුන් ටත් ඇති
වෙනවා. ඒක වලක්වන්න තමයි මෙම
නිෂ්පාදනය වෙළඳ පොලට එන්නේ.."
මල් මල් සහිත තනපට, රෝස
පැහැයෙන්, ලා කොළ පැහැයෙන්
යුත් මෙම තනපට
ජපානයේ ටෝකියෝ නුවරින්
මිලදීගැනීමේ හැකියාව තිබෙනවා.

තරුණියෝ ඉතා ඉක්මනින් ගණිකා වෘත්තියේ බැඳෙන හේතුව.

ආයුර්වේද සම්භාහන ආයතනයක
මුවාවෙන් හෙවත් මසාජ් ක්ලිනික් එකක්
පවත්වා ගෙන යන මුවාවෙන්
බම්බලපිටියේදී පවත්වාගෙන ගිය
ගණිකා නිවාසයක් වැටලූ පොලිසිය
ගණිකා වෘත්තියෙහි නියෑලුන බවට
සැක පිට තරුණ කාන්තාවන් තිදෙනකු
අත්අඩංගුවට ගන්නා ලදැයි පුවතක්
ඊයේ (12 දා) 'දිවයින' පුවත් පතෙහි පළ
වුණා.

ගණිකා වෘත්තිය යනු අර්ථකථනය කිරීමට
ඉතා දුෂ්කර රැකියාවකි. ඒ
සඳහා සාක්ෂි බොහොමයක් සම්පූර්ණ
විය යුතු ය. මුදලට ඇඟ විකුණු බව ඔප්පු විය
යුතු ය. කිසිදු ගණිකාවක් තම සේවය
වෙනුවෙන් මුදල් ලබාගත් පසු බිලක්
නිකුත් කරන්නේ නැත.
එසේම කිසිදු පිරිමියකු ගණිකාවක සමඟ
සිටි පසු තමන් ගෙවන ගාස්තුව සඳහන්
කරන කුවිතාන්සියක් ඉල්ලන්නේ ද නැත.
එසේම කිසිදු ගණිකාවක් ස්වකීය සේවය
මහපාර මැද හෝ ප්රසිද්ධ ස්ථානයක
ලබා දෙන්නේ ද නැත.

පොලිසියට ගණිකාවක් අත්අඩංගුවට
ගෙන ඇයට එරෙහිව සාර්ථක ලෙස
චෝදනා ගොනු කළ හැක්කේ ඇය
ප්රසිද්ධ ස්ථානයක සියලු දෙනාටම
පෙනෙන පරිදි ස්වකීය කර්මාන්තය
කළොත් පමණි.

මේ නිසා ගණිකා ජාවාරම
සංවිධානය කර පවත්වා ගෙන යන
මුදලාලිලා හැමදාමත් සල්ලි උපයති.
ගණිකා වෘත්තියෙහි යෙදෙන තරුණිය
හෝ
කාන්තාව හැමදාමත් හැම තැනකමත්
සූරා කෑමට ලක් වී පොලිස් කූඩුවලත්,
ඉස්පිරිතාලවලත් (සමාජ රෝග වැළඳී)
කල්ගත කර අවසානයේදී මහත්
පරිහානියට පත්ව කාත් කවුරුත් නැතිව
මිය යන්නීය.

අපගේ සංස්කෘතිය ඉතා උතුම්
නිසා ගණිකාවන් භාරගැනීමට
කිසිවෙක් සූදානම් නැත. එහෙත් එම
ගණිකාව පරිහරණය කරන
හෝ ගැහැනියක ගණිකාවක බවට පත්
කරන අමන පිරිමියා පිළිගැනීමට දස
දහසක් බලා සිටින්නාහ. එය
මාතෘ මූලික සමාජයක මූලික
ලක්ෂණයකි.
මාතෘ මූලික සමාජයක් යනු
අම්මා ගෙදර සිටින, ළමයින්
අම්මා වටේ සිටින, තාත්තා ගෙයින්
පිටතට ගොස් රැකියාවක් කර මුදල්
උපයාගෙන පවුල පෝෂණය කරන
සම්ප්රදායයි. සල්ලි සෙවීමට ගෙයින්
එළියට යන තාත්තා සමහර විට
වනචරකමේ ද යයි.
එහෙත් පවුල පෝෂණය කරන්නා ඔහු
නිසා ඔහු කරන වැරදි සුළු වැරදි ය.
අම්මා අතින් සුළු වරදක් සිදු වූ විට එය
ආනන්තරීය පාප කර්මයකි·
අද නගරයෙහි ගණිකාවන් බවට පත්ව
සිටින තරුණියන් වැඩි දෙනා දුර බැහැර
ගම්වල ඉපිද, ගාමන්ට් හෝ වෙනත්
ආයතනවල රැකියාවට පැමිණ එම
රැකියා අහිමි වීමෙන් පසු හෝ වෙනත්
හේතු මත රැවටිල්ලකට ලක්ව පිරිමින්
අතින් කෙළෙසුනු අය වෙති.
පිරිමියකු පිනවා වරකට ලැබෙන මුදල
ගාමන්ට් වැටුපෙන් භාගයක් පමණ වන
නිසා, තරුණියෝ ඉතාමත් ඉක්මනින්
මෙම වෘත්තියෙහි බැඳෙති.
මේ රැකියාවෙන් එක් රැයකට උපයන
ආදායම වෙනත් කිසිදු රැකියාවකින්
ඉපැයීමට නො හැක.
එසේම මේ රැකියාව නිසා එක්
රැයකදී වැළඳෙන ලෙඩ රෝග
වෙනත් කිසිදු රැකියාවකින්
වැළඳෙන්නේ නැත.
එසේ වැළඳෙන ලෙඩවලින් සමහරක්
කිසි කලෙකත් සනීප කළ නොහැකි
නිසා බෙහෙත්වලට වියදමක් කිරීමට
තරම් කාලයක් ඉතිරි වන්නේ ද නැත.
ගණිකා වෘත්තිය පිළිබඳ සත්ය කතාව
ඒකය. එය අප අසා තිබෙන සුදන
සමාජයේ අර්ථ කථනයට
වඩා හාත්පසින්ම වෙනස් ය.